පිළිකා අතින් අල්ලා ශරීරයෙන් ඉවත් කරන බව පවසමින් සහ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට අභියෝග කරමින්, අනුමත නොකළ අවිධිමත් ක්‍රම මඟින් රෝග සුව කරන බව පවසන පුද්ගලයන් සම්බන්ධයෙන් ජනතාව දැඩි ලෙස දැනුවත් විය යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
විද්‍යාත්මකව පිළිගත් කිසිදු වෛද්‍ය ක්‍රමයක පිළිකා ගෙඩියක් අතින් අල්ලා ඉවත් කිරීමක් සිදු කළ නොහැකි අතර, මෙවැනි වංචනිකයන්ගේ ක්‍රියාකාරකම් නිසා රෝගීන්ගේ නිසි ප්‍රතිකාර ප්‍රමාද වී ජීවිත අවදානමකට ලක් වීමට ඉඩ ඇත. එබැවින් රෝගී අසරණකම ප්‍රයෝජනයට ගනිමින් මුදල් ගැරීමට සහ විවිධ අයුරින් අපයෝජනයන්ට ලක් කිරීමට උත්සාහ කරන මෙවැනි බොරුකාරයන්ට නොරැවටී, සැමවිටම සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුවන ලෙස බලධාරීන් අවධාරණය කරයි.














