නිවාස ඉදිකිරීම් සිදුකරන මුවාවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින්ගෙන් මහා පරිමාණයෙන් මුදල් වංචා කළ පුද්ගලයෙකු මිරිහාන විශේෂ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා විසින් සිදු කර ඇති මෙම වංචාවේ මුළු මුදල රුපියල් කෝටි දෙකහමාර ඉක්මවන බව පොලීසිය සඳහන් කරයි. සැකකරු සමාජ මාධ්‍ය හරහා නිවාස ඉදිකිරීම් ප්‍රචාරය කරමින් මෙම ජාවාරම සිදුකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැමිණිලි 15ක් ලැබී තිබූ බව මිරිහාන විශේෂ විමර්ශන අංශය වැඩිදුරටත් සඳහන් කරයි.














