තණමල්විල පොලිස් වසමේ නිකවැව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී ගංජා කිලෝග්‍රෑම් 64ක් සහ පර්චස් 40ක පමණ ප්‍රදේශයක වගා කර තිබූ ගංජා ගස් 4,210ක් සමඟ සැකකරුවෙක් තණමල්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර, සැකකරු විසින් මෙම ගංජා වගාව ඉතාමත් සරුවට සිදුකරගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 38ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු තණමල්විල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














