ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ අධීක්ෂණය යටතේ සහ වත්තල ප්‍රාදේශීය සභාවේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන ජාතික බීච් වොලිබෝල් තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ.
මෙවර තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා සිට වත්තල සරක්කු වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම පාසල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගී වීමේ අවස්ථාව හිමිවී ඇත.














