කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (13) දින ගනුදෙනු අවසානයේ ඒකක 120.43කින් ඉහළ ගොස් ඒකක 21,539.00ක් ලෙස සටහන් වී තිබේ.
දිනයේ ගනුදෙනු තුළ දර්ශකය ඉහළ යාමත් සමඟ වෙළෙඳපොළ ධනාත්මක දිශාවකින් අවසන් වූ අතර, අද දිනයේ සමස්ත වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.7ක් ලෙස වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේ ASPI දර්ශකයේ ඒකක 120කට වැඩි වර්ධනයක් වාර්තා කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කර තිබේ.














