මෙම දරුවා ගැන දන්න කෙනෙක් ඉන්නවනම් වත්තේගම පොලිසියට දැනුම් දෙන්න…
අමානුෂික ලෙස පහරදී වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ස්ථානයක අතරමංකර දමාගොස් සිටි අවුරුදු හතරක් පමණ වයසැති දැරියක් පොලීසිය සොයා ගෙන තිබේ.
පොලිස් හදිසි ඇමතුම් අංකයට ලබාදුන් තොරතුරකට අනුව වත්තේගම පොලීසියේ කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් දරුවා පොලීසිය භාරයට ගෙන ඇත.
ත්රිරෝද රථයකින් පැමිණ පෙරවරු 7.00 ට පමණ මෙම දැරිය එම ස්ථානයේ දමාගිය බවට පොලිසිය සැක කරයි. ළමයා රැගෙන ආ බවට සැක කෙරෙන ත්රිරෝද රථය සම්බන්ධයෙන් සී.සී.ටී.වී කැමරා දර්ශන ඔස්සේ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම දැරිය තම පවුලේ හෝ පදිංචිව සිටි ස්ථානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව පොලීසිය පවසයි. දැරිය මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වත්තේගම පොලීසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාගේ අපදෙස් මත ප්රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා සහ පොලිස් පරීක්ෂිකා ගිම්හානි මහත්මිය ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.














