ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති ඉන්දියාවේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ධීවරයන් 9 දෙනෙකු කඩිනමින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය Vijay ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්‌ය S. Jaishankar මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට ගත් ධීවරයන් නිදහස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමඟින් ඉල්ලා ඇත.
ධීවරයන් සමඟ ශ්‍රී ලංකා බලධාරීන් භාරයට ගෙන ඇති ඔවුන්ගේ ධීවර යාත්‍රාවද නැවත ලබාගැනීම සඳහා අවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම සිදුකරන ලෙස තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන්දීය මධ්‍යම රජයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.














