ශ්‍රී ලංකාවේ ස්වාභාවික මිනිරන් කැණීම් සහ සැකසුම් මෙහෙයුම් නිරීක්ෂණය කිරීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එක්ව බෝගල මිනිරන් කැණීම් ලංකා PLC වෙත විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
ශ්‍රී ලංකාව සතු සුවිශේෂී කාබන් සංශුද්ධතාවයකින් යුත් ස්ඵටිකරූපී මිනිරන් අමු ඛනිජ ලෙස අපනයනය කිරීමෙන් ඔබ්බට ගොස්, ගෝලීය වෙළෙඳපොළ සඳහා ඉහළ වටිනාකමක් ඇති තාක්ෂණය මත පදනම් වූ මිනිරන් නිෂ්පාදන වෙත යොමු වීම මෙම ජාතික අපනයන සංවර්ධන සැලැස්මේ (NEDP) අරමුණ වී ඇත.














