‘රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ මෙරටින් මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියාත්මක කරන දැවැන්ත වැඩපිළිවෙළෙහි ප්‍රගතිය දැක්වීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.
පසුගිය වසර තුනක කාලය තුළ රතු නිවේදන සහ අන්‍යෝන්‍ය සබඳතා හරහා සැකකරුවන් සහ ප්‍රධාන පෙළේ අපරාධකරුවන් රැසක් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නීතිවිරෝධි දේපළ රාජ්‍ය සතු කර ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය. එසේම, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධව මුහුදු මාර්ග සහ ගොඩබිම් ආවරණය කරමින් සිදුකළ මෙහෙයුම් හරහා බිලියන සංඛ්‍යාත වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇති අතර, කිසිදු නීතිවිරෝධී හෝ සමාජ විරෝධී ක්‍රියාවක් පිළිබඳ තොරතුරු වෙතොත් 1818 දුරකතන අංකය හරහා දැනුම් දෙන ලෙස බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.














