දකුණු කොරියාවේ පැවති 16 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ සංස්කෘතික සංදර්ශන ප්රසංගයෙන් පළමු ස්ථානය දිනාගත් ශ්රී ලංකා බාලදක්ෂ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ලෝකයේ රටවල් 21ක බාලදක්ෂයන් 3,000කගේ සහභාගීත්වයෙන් දකුණු කොරියාවේ ගැන්ග්වොන්ග් ප්රාන්තයේ පැවති මෙම ජම්බෝරිය සඳහා ශ්රී ලංකාවේ ප්රධාන පාසල් නියෝජනය කරමින් බාලදක්ෂයන් 32 දෙනෙක් සහභාගී වී සිටියහ. ජයග්රහණය රැගත් ශ්රී ලංකා කණ්ඩායම චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වූ අතර, ඔවුන් පිළිගැනීම සඳහා මව්පියන් සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.














