මෙම වසරේදී කිසිදු ජල ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ජල ගාස්තු සම්බන්ධ සමාලෝචනයක් සිදු කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මාසයේදී බවත්, ගාස්තු වැඩි කිරීම, අඩු කිරීම හෝ වෙනස් නොකර පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් තීරණය කරන්නේ එම අවස්ථාවේදී බවත් ඔහු පැවසීය. මීට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලු විසඳීම සඳහා ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 2ක පමණ මුදලක් ලැබී ඇති බවත්, එල් නිනෝ තත්ත්වයේ බලපෑමක් මෙතෙක් ජල මූලාශ්‍ර වෙත එල්ල වී නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














