රුපියල් මිලියන 835ක නාගරික සංවර්ධන අධිකාරී ප්‍රතිපාදන මත වසර 14කට පසු ඉදිකරන ලද කෑගල්ල නව ඩිපෝ සංකීර්ණය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති සජීව කනගරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ජනතා අයිතියට පත් කෙරිණි.
පරගම්මන ප්‍රදේශයේ ඉදික කර ඇති මෙම අංගසම්පූර්ණ නව ඩිපෝ සංකීර්ණය තුළ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය, සබරගමුව ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය, කාර්මික අංශය සහ සැමට සේවාව ලබා දිය හැකි ඉන්ධන පිරවුම්හලක් ඇතුළු පහසුකම් රැසක් ඇතුළත් වේ. මෙම විවෘත කිරීමේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














