කොත්මලේ ජලාශ රක්ෂිතයේ සිටින කුළු හරකුන් දඩයම් කරමින් සිටියදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සහ වාහන දෙකක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනෙකුට නාවලපිටිය මහේස්ත්‍රාත් සම්පත් විජේවර්ධන මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් ශරීර ඇප නියම කර තිබේ.
නාවලපිටිය සහ පැණිතුඩුමුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම පිරිස ඊයේ අලුයම කොත්මලේ ජලාශ රක්ෂිතයට ඇතුළු වී කුළු හරකෙකුට වෙඩි තබා මරා දමා ඇති අතර, එම ප්‍රදේශයේ ආරක්ෂිත රාජකාරිවල යෙදුණු ත්‍රිවිධ හමුදා භට පිරිස් විසින් සිදුකළ වාහන පරීක්ෂාවකදී මෙම පිරිස ගිනිඅවිය සමඟ අත්අඩංගුවට ගෙන පුස්සැල්ලාව පොලිසිය වෙත භාර දී ඇත. සැකකරුවන්ට මේ මස 19 වැනි දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.













