රජයේ රෝහල්වල පවතින දැඩි රාජකාරි පීඩනය දරාගත නොහැකිව හෙද හෙදියන් 4,600ක් පමණ මේ වන විට සේවය අතහැර ගොස් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්රිය මහතා පවසයි.
රට බංකොළොත් වීමෙන් පසු නිවාඩු ලබාගෙන විදෙස්ගත වීමට රජයේ සේවකයන්ට ලබා දුන් අවස්ථාව උපයෝගී කරගනිමින් පමණක් හෙද හෙදියන් 2,000ක් පමණ විදෙස්ගත වී ඇති බව හෙතම සඳහන් කරයි. රජයේ රෝහල් තුළ හෙද හෙදියන් මුහුණ දී සිටින විවිධ ගැටලු සහ අර්බුද හමුවේ මෙලෙස විශාල පිරිසක් අඛණ්ඩව සේවය අතහැර ගොස් ඇති බව වාර්තා වේ.














