ජූලි මාසය සඳහා වන එකතු කළ අගය මත බද්ද (VAT) අගෝස්තු 20 වන දිනට පෙර ගෙවිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නියමිත දිනට බදු නොගෙවීම හෝ ප්‍රමාද වී ගෙවීම සඳහා දඩ නියම කෙරෙන අතර, චෙක්පත්, බැංකු අණකර හෝ ගෙවීම් ඇණවුම් මඟින් සිදු කරනු ලබන ගෙවීම් නියමිත දිනය පසුවී ලැබුණහොත් එයද ප්‍රමාද වූ ගෙවීමක් ලෙස සලකනු ලැබේ.
එසේම, ජූලි මාසයට අදාළ වැට් (VAT) වාර්තා භාරදීම අගෝස්තු මස 31 වන දින හෝ එදිනට පෙර සිදුකළ යුතු වේ. මීට අමතරව, රඳවාගත් බදු අගෝස්තු මස 15 වැනි දිනට හෝ එදිනට පෙර සහ ජූලි මාසයට අදාළ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අගෝස්තු 20 වැනි දිනට හෝ එදිනට පෙර ගෙවන ලෙසද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට දන්වා සිටියි.














