වීරකැටිය, අග්රහැර ප්රදේශයේදී අද (14) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙකු තුවාල ලබා තිබේ. විසි හැවිරිදි වියේ පසුවන අදාළ තරුණයා ඉලක්ක කර ඔහුගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩි ප්රහාරය එල්ල කර ඇති අතර, එහිදී ඔහුගේ කලවා ප්රදේශයට තුවාල සිදුව ඇත. වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ තරුණයා මුලින් වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා තංගල්ල මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරනු ලබයි.














