විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා වන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමේ කෙටුම්පත එළඹෙන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අදාළ මෙම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් පසුගිය 7 වන දින ප්‍රකාශයට පත් කරනු ලැබීය.














