ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික විසඳුම් සාකච්ඡා කිරීමේ දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ධීවර ජනතාව මුහුණ දෙන ගැටලු සෘජුව හඳුනාගෙන, අදාළ ආයතනවල සම්බන්ධීකරණය හරහා ප්‍රායෝගික විසඳුම් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ විය. මෙහිදී එරක්කන්ඩි කලපුව ආශ්‍රිත පාරිසරික බලපෑම්, තෙන්නමරවාඩි සහ ලංකාපටුන නව පොලිස් ස්ථාන, කොඩ්බේ ධීවර වරායේ බෆර් සෝන් ප්‍රදේශය නිදහස් කිරීම, කුඩා එන්ජින් භාවිතයට අවසර දීම මෙන්ම සියලු සේවා එකම වහලක් යටින් ලබාදීමට ඒකාබද්ධ සේවා මධ්‍යස්ථානයක් පිහිටුවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.













