අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් තමන් විසින්ම රිය පදවාගෙන යන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම හුදු ප්‍රදර්ශනයක් (Showpiece) පමණක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි. කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ අමාත්‍යවරයෙකු තමන් විසින්ම රිය පැදවීම අලුත් දෙයක් නොවන බවත්, මීට පෙරද බොහෝ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් එලෙස රිය පදවා ඇති බවත්ය. අමාත්‍යවරයාගේ මෙම ක්‍රියාව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය ලබා ගැනීමට කරන ලද ප්‍රදර්ශනාත්මක කටයුත්තක් බව හෙතෙම වැඩිදුරටත් චෝදනා කළේය.














