දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ කිත්සිරි ජයලත් මහතා සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස වැඩ භාරගෙන තිබේ. මෙම මාරුවීම් සමඟින්, උතුරු පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ බුද්ධික සිරිවර්ධන මහතා දකුණු පළාත් භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස මාතර පිහිටි කාර්යාලයේදී අද (14) වැඩ භාර ගැනීම සිදු කරනු ලැබීය.














