අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වැදගත් අනාවරණයක් සිදු කරමින්, කිසිදු වගකීමකින් තොරව නිල ලිපිවලට “FNA” (අවශ්‍ය පියවර ගැනීම සඳහා) යනුවෙන් සටහන් කර පමණක් ඉහළ සිට පහළට යැවීමේ සිරිතට තිත තැබිය යුතු බව අවධාරණය කළේය. එවකට රාජ්‍ය බුද්ධි සේවය ලබා දුන් තොරතුරු, එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් “FNA” සටහන යටතේ ඒකක හතරක් වෙත පමණක් යොමු කිරීම බරපතල ආරක්ෂක තර්ජන හමුවේ ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය. නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති ජයසුන්දර යන අයට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව චෝදනා 855ක් ගොනු කළ බවද ඔහු මෙහිදී සිහිපත් කළේය.














