රජය විසින් වාහන ආනයන බදු මත පනවා තිබූ 50%ක අධිභාරය ලබන දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝ කර තිබේ. හෙට (15) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබූ මෙම අධිභාරය, රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස දීර්ඝ කර ඇත. කෙසේ වෙතත්, පසුගිය මැයි මස 15 වන දින හෝී ඊට පෙර ණයවර ලිපි (LC) විවෘත කරන ලද මෝටර් වාහන ආනයන සඳහා මෙම නියමය අදාළ නොවන බව සඳහන් වේ.
















