ඇලහැර බටුහේන ගම්මානයේ වෙල්යායක අක්කර භාගයක පමණ භූමි ප්රමාණයක වගා කර තිබූ ලොකු ලූනු වගාවක ලියැදි දෙකක් කිසියම් පුද්ගලයකු විසින් ආයුධයකින් කපා විනාශ කර ඇතැයි වගාකරු බකමූණ පොලිසියට පැමිණිලි කර තිබේ.
වගාකරු වන කේ. ජී. චමින්ද අබේරත්න මහතා සඳහන් කර ඇත්තේ පෙරේදා (12) සවස 6:00ට පමණ තමන් සහ සැකකරු අතර ඇති වූ බහින්බස්වීමකින් අනතුරුව, එම රාත්රියේදීම මෙම වගා හානිය සිදුකර ඇති බවයි. මේ සම්බන්ධයෙන් තමන්ට නිශ්චිත පුද්ගලයෙකු කෙරෙහි සැකයක් ඇති බවද ඔහු පවසා ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බකමූණ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.
















