දකුණු කොරියාවේ පැවති 16 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේදී සංස්කෘතික සංදර්ශන ප්රසංගයේ පළමු ස්ථානය දිනාගත් ශ්රී ලංකා බාලදක්ෂ කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.
ලෝකයේ රටවල් 21ක බාලදක්ෂයන් 3,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් අගෝස්තු 05 සිට 09 දක්වා දකුණු කොරියාවේ ගැන්ග්වොන්ග් ප්රාන්තයේදී මෙම ජම්බෝරිය පවත්වා ඇත. මෙයට ශ්රී ලංකාවේ ප්රධාන පාසල් නියෝජනය කරමින් බාලදක්ෂයන් සහ බාලදක්ෂිකාවන් 32 දෙනකු සහභාගී වී තිබේ.
චීනයේ ෂැංහයි නුවර සිට පැමිණි ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වූ මෙම කණ්ඩායම පිළිගැනීම සඳහා දෙමාපියන් සහ ගුරුභවතුන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
















