ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සනත් ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ‘ඩොංචෙන්ග්’ (Dongcheng) අත් ආයුධ (Hand Tools) මාලාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) නිල වශයෙන් එළිදක්වන ලදී. ආසියාවේ අංක 1 බලශක්ති මෙවලම් සන්නාමය වන ඩොංචෙන්ග්, ඩීන් බ්‍රදර්ස් (DBL) සමාගම සමඟ ඇති හවුල්කාරීත්වය හරහා මෙලෙස සිය නිෂ්පාදන කළඹ ශ්‍රී ලංකා වෙළඳපොළට පුළුල් කර ඇත. ‘Construct Exhibition 2026’ ප්‍රදර්ශනයට සමාන්තරව පැවති මෙම උත්සවය සඳහා DBL සහ ඩොංචෙන්ග් නියෝජිතයන් මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් ද එක්ව සිටියහ.














