තායිවාන මුහුදු සීමාව තුළ චීන බලපෑම් සහ ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන්, සිය වෙරළාරක්ෂක බලකායට සාගර මුර සංචාර සහ නීතිය බලාත්මක කිරීමේ විශේෂ පුහුණුවක් අමෙරිකා එක්සත් ජනපදය විසින් ලබා දෙමින් සිටින බව තායිවානය ප්‍රකාශ කර තිබේ. දෙරට අතර 2021 වසරේ ඇති කරගත් අවබෝධතා ගිවිසුමකට අනුව මෙම ඒකාබද්ධ පුහුණු කටයුතු සිදුකෙරෙන අතර, අගෝස්තු 10 සිට 21 දක්වා ක්‍රියාත්මක වන මෙම පුහුණුවේදී කුඩා යාත්‍රා මෙහෙයුම් සහ කණ්ඩායම් සම්බන්ධීකරණය සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. චීන නෞකා මගින් මෑතකදී තායිවානයේ නැගෙනහිර වෙරළට ආසන්න බටහිර පැසිෆික් කලාපයේ මුර සංචාර ආරම්භ කිරීමත් සමඟ මෙම අමෙරිකානු සහයෝගීතාව ප්‍රසිද්ධියට පත් වීම විශේෂත්වයකි.
















