වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින නිර්මල ප්රසංග නොහොත් “බැකෝ සමන්” නැමැත්තා සිය මවට අවසන් ගෞරව දැක්වීම ප්රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැත.
ඉකුත් 12 වැනිදා රාත්රියේ මිද්දෙණියේදී නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණේ ඔහුගේ මවයි. කරන්දෙණියේ සුද්දා විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට සැකකෙරෙන අතර, එය ගණේමුල්ලේ සංජීව ඝාතනයට පළිගැනීමක් ලෙස සිදුකර ඇති බව වාර්තා වේ.
බැකෝ සමන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට නොයන ලෙසට මවට තර්ජනය කර තිබුණද, ඇය එය නොසලකා බන්ධනාගාරයට යෑම මෙම ඝාතනයට හේතු වී ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. බන්ධනාගාර නිලධාරීන් විසින් බැකෝ සමන්ට මවගේ මරණය පිළිබඳව දැනුම් දුන් අවස්ථාවේදී ඔහු ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම මෙලෙස ප්රතික්ෂේප කර ඇත.














