පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මඩකලපුව, අම්පාර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල මතුවී ඇති පානීය ජල හිඟයට විසඳුම් ලෙස බවුසර් මඟින් ජලය බෙදා හැරීම ආරම්භ කර තිබේ.
ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ වැව් සිඳී යාම හේතුවෙන් ජනතාවගේ දෛනික පානීය ජල අවශ්‍යතාවන්ට අමතරව ඇතැම් ප්‍රදේශවල වගා කටයුතු සඳහාද දැඩි බලපෑම් එල්ල වී ඇති බවයි.
















