මහනුවර ජාතික රෝහලට අලුතින් එක් කරන ලද නවීන පහසුකම්වලින් යුත් කැතීටකරණ ඒකකය (Cath Lab) නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.
මෙම නව ඒකකය ක්‍රියාත්මක වීමත් සමඟ මහනුවර ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබන හෘද රෝගීන්ට වඩාත් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබා ගැනීමටත්, හෘද වාහිනී රෝග සඳහා අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා ගැනීමටත් විශාල පහසුවක් සැලසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















