ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් නැමැත්තා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාර දී තිබේ.
සැකකරු සමග තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද ඊයේ (14) රාත්‍රියේදී අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන එනු ලැබීය. 48 හැවිරිදි දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තු නිකුත් කළ අයෙකි. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ගිනි අවි සහ තියුණු ආයුධ සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා රැසක් මොහුට එල්ල වී ඇති අතර, නීති විරෝධී වත්කම් පිළිබඳවද ඉදිරියේදී විමර්ශන සිදු කිරීමට නියමිතය.














