අධික හිරු රශ්මියෙන් ආරක්ෂාවීම සඳහා ඇඟ ආලේපන භාවිත කිරීමට සහ ශරීරය ආවරණය වන පරිදි කටයුතු කිරීමට කටයුතු කරන ලෙස හෙතෙම උපදෙස් දෙයි. මීට අමතරව, පවතින කාලගුණික තත්ත්වය සමඟ විසාදය වැනි රෝග තත්ත්වයන් උත්සන්න විය හැකි බවත්, එයින් මනසට බලපෑම් ඇති වී මතක තබා ගැනීමේ හැකියාව සහ අවධානය අඩුවිය හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස මහතා සඳහන් කරයි.














