ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේ අද (15) අලුයම 3.28ට පමණ රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් හටගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. භූකම්පනයෙන් පසු රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 අගයන්ගත් පසුකම්පන 3ක්ද හටගෙන ඇති අතර, එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබිණි.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කළේ, ඉන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් හෝ බලපෑමක් නොමැති බවත් මෙරට මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය සුරක්ෂිතව පවතින බවත්ය.














