රංගිරි දඹුලු රජ මහා විහාරයේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ධුරන්දර, දඹුල්ල සිරි වළගම්බා මහ පිරිවෙනෙහි සම්මාන පරිවේණාධිපති හා පරිවේණාධ්‍යක්ෂ, දඹුල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී, ඇතාබැදිවැව ශ්‍රී බෝධිරුක්ඛාරාමාධිපති පූජ්‍ය දඬුබැඳිරුප්පේ මහින්ද නායක ස්වාමීන් වහන්සේ බැහැදැක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උන්වහන්සේගේ ආශීර්වාදය ලබාගෙන තිබේ.
මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.කේ. සුමිත් සහ දඹුල්ල ආසන සංවිධායක ජාලිය ඕපාත යන මහත්වරුන් ද සහභාගී වී ඇත.














