දුෂ්කරතා මැද වුවද නිවැරදි දැනුම ලබාගෙන, එම දැනුම හරහා ප්‍රායෝගිකව සමාජයට යම් මෙහෙවරක් කළ හැකි සැබෑ අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මාණය කිරීම වත්මන් රජයේ ප්‍රධාන අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
රටේ අනාගත පරපුර දැනුමෙන්, කුසලතාවලින් සහ නිවැරදි ආකල්පවලින් පෝෂණය කළ හැකි ගුණාත්මක සහ කාර්යක්ෂම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින බව ඇය අවධාරණය කරයි.
















