අධිකරණ විෂය පථය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා උපදෙස් ගත්තා යැයි කියන ජ්‍යෙෂ්ඨයන් සහ ප්‍රවීණයන් කවුරුන්දා යන්න නම් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය:
> “දැන් ජනාධිපතිවරයා පැහැදිලිවම අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි බලපාන කාරණයක් සම්බන්ධයෙන් අත්තනෝමතික තීරණයක් ගන්නවා. රටේ නීතිඥ සංගමය ඒකට විරුද්ධයි නම්, විනිශ්චයකාරවරුන්ගේ විරෝධයක් තියෙනවා නම්, පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය මේ සංශෝධනයට විරුද්ධ නම් ජනාධිපතිවරයා ගන්න අවදානම ගැන මට නම් හිතාගන්න බෑ. හැබැයි ඉතින් අවදානම කෙසේ වෙතත් ජනාධිපතිතුමා කාගේ හරි අවධානය යොමු කරගන්න දඟලන බවක් නම් පේනවා.”
















