අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් ලක්ෂ 8ක් වටිනා පළමුවැනි ශ්‍රේණියේ දෙමළ ක්‍රියාකාරකම් සහ පෙළපොත් 19,892ක් බාහිර පාර්ශ්වයකට (බෝතල් පත්තරකරුවකුට) රුපියල් 47,000ක මුදලකට අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ලබන අගෝස්තු 25 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් අද (15) කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, අදාළ පොත් තොගය ප්‍රවාහනය කළ ලොරි රථ රියදුරු විසින් ඒවා බෝතල් පත්තරකරුවකුට විකුණා ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















