අමෙරිකාවේ මැසචුසෙට්ස් හි ඇක්ටන් (Acton, Massachusetts) ප්‍රදේශයේදී සිය මව සහ 14 හැවිරිදි බාල සොහොයුරා ඝාතනය කිරීමේ චෝදනාවට ලක්ව ඇති 17 හැවිරිදි අර්ජුන් අරවින්ද් (Arjun Aravind) නමැති තරුණයා, ඝාතනයට පෙර තම පවුලේ අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වන න්‍යායාත්මක අදහස් හෝ මනඃකල්පිත කතා (fantasy stories) සෙවීම සඳහා ChatGPT කෘත්‍රිම බුද්ධි යෙදුම භාවිත කර ඇති බවට අභිචෝදකයන් හෙළි කර තිබේ. මෙම ඝාතන සම්බන්ධයෙන් අර්ජුන් අරවින්ද්ට මිනීමැරුම් චෝදනා දෙකක් සහ වෙනත් චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු වෙනුවෙන් වරද පිළිනොගන්නා බවට කරුණු ඉදිරිපත් කර ඇත. මේ වන විට ඔහු ඇප රහිතව රඳවා තබා ගැනීමට නියෝග කර ඇති අතර, විමර්ශන අංශ විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටියි.














