වත්මන් ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වයට සහ ජනතා පරමාධිපත්‍යයට බලපෑම් වන ආකාරයෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි. ආණ්ඩුවට අවශ්‍ය අවස්ථාවලදී නීතිය සහ බලය තමන්ට අවශ්‍ය ආකාරයෙන් භාවිත කිරීම නුසුදුසු බව පෙන්වා දුන් ඔහු, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාමාර්ග සඳහා ජනතාව කිසිදු ජනවරමක් ලබාදී නොමැති බව සඳහන් කළේය.
මහා සංඝරත්නයට පවා ගරු නොකරමින් ආණ්ඩුව ඒකාධිපති ස්වභාවයකින් කටයුතු කරන බවට චෝදනා කළ ප්‍රසන්න රණවීර මහතා, පක්ෂයේ සාමාජිකයන් සිරගත කර දේශපාලන මර්දනයක් සිදු කළද පක්ෂය අඩපණ කළ නොහැකි බව අවධාරණය කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක, අමාත්‍යවරුන් වන ලාල් කාන්ත සහ වසන්ත සමරසිංහ යන මහත්වරුන්ගේ දේශපාලන බල ප්‍රදේශ වන අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ම වත්මන් ආණ්ඩුවට එරෙහි දේශපාලන සටන ආරම්භ කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
















