දරුණු කුණාටු සහ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් 4 හැවිරිදි පිරිමි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 6 දෙනෙකු ඉන්දියානුවාන (Indiana) ප්රාන්තයේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට රාජ්ය නිලධාරීන් සෙනසුරාදා ප්රකාශ කළේය.
මීට අමතරව ඕහියෝ ප්රාන්තයේ පුද්ගලයෙකු මියගොස් ඇති අතර, කුණාටු තත්ත්වය හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් මිලියනයකට ආසන්න පිරිසකට විදුලිය විසන්ධි විය. ප්රාන්තයේ හදිසි ආපදා තත්ත්වයක් ප්රකාශයට පත් කරමින් ෆෙඩරල් ආධාර ලබා දීමට ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එකඟ වී ඇති බව ඉන්දියානුවාන ආණ්ඩුකාර මයික් බ්රෝන් (Mike Braun) සඳහන් කර තිබේ.
















