පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කර ඇති මාකොළ, පමුණුවිල ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පිහිටා ඇති අනුරාධපුර යුගයට අයත් ඉපැරණි ගල්පාලමේ නටඹුන් විනාශ කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීමට සහ එම ස්ථානය ආරක්ෂා කිරීමට බලධාරීන් අපොහොසත් වීම පෙන්වා දෙමින් සමාජ ක්‍රියාකාරිකයෙකු වන චරිත පතිරාජ මහතා ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක නිරත විය.
බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මෙම ඉපැරණි ගල්පාලමේ නටඹුන් 2023 වසරේදී පුරාවිද්‍යා භූමියක් ලෙස ගැසට් කරන ලද අතර, මීට මාස කිහිපයකට පෙර පිරිසක් විසින් ඒවා විනාශ කරනු ලැබ ඇත. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, සංස්කෘතික අමාත්‍යවරයා, වරාය හා ගුවන් සේවා අමාත්‍යවරයා, බියගම ප්‍රාදේශීය ලේකම් සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වගකිවයුතු බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද, මෙතෙක් කිසිදු නිසි පියවරක් ගෙන නොමැති බව විරෝධතාකරු පෙන්වා දුන්නේය.














