මොනරාගල දිස්ත්‍රික්කයට මාස දෙකක පමණ කාලයක සිට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් වැව් සහ අමුණු සිදී ගොස් කෘෂිකාර්මික කටයුතු මෙන්ම පානීය ජල සැපයුමටද දැඩි බාධා එල්ල වී තිබේ.
සියඹලාණ්ඩුව, මඩුල්ල, තණමල්විල සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම නියඟය දැඩි ලෙස බලපා ඇති අතර, දිස්ත්‍රික්කයේ පානීය ජල සැපයුම දින තුනකට හෝ පහකට වරක් දක්වා සීමා වී ඇත. එසේම, කිරිඳිඔය, මැණික් ගඟ, ගල් ඔය සහ හැඩ ඔය යන ප්‍රධාන ගංගාවල ජල මට්ටමද ඉතා පහළ මට්ටමකට බැස ඇත.
මොනරාගල දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂ වසන්ත වීරවර්ධන මහතා සඳහන් කළේ දිස්ත්‍රික්කයේ මහා වාරිමාර්ග යෝජනා ක්‍රම 22 අතරින් කොටියාගල වැව සම්පූර්ණයෙන්ම සිදී ගොස් ඇති බවත්, හඳපානාගල සහ මුතුකණ්ඩිය ජලාශවල ජල මට්ටම 50%කින් පමණ අඩුවී ඇති බවත්ය. සෙසු වැව් සහ අමුණුවල ජල මට්ටම 50% සහ 15% අතර අගයකට බැස තිබේ.














