පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පුද්ගලයින් 68,000කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව ජාතික අපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. මඩකලපුව, අම්පාර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 17 ක පවුල් 21,873 කට අයත් 68,041 දෙනෙකු මේ වන විට මෙම තත්ත්වයෙන් පීඩා විඳිමින් සිටින අතර, ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙනි.
ජල හිඟයෙන් පීඩාවට පත් පවුල් සඳහා පානීය ජලය ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, මොණරාගලින් 36.6°C ක ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇති බවත් බලධාරීහු සඳහන් කරති. එබැවින්, දැඩි උෂ්ණත්වය හමුවේ සෞඛ්යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසත්, ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.














