පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය ශාරීරික සෞඛ්‍යයට පමණක් නොව, මානසික සෞඛ්‍යයටද දැඩි ලෙස බලපාන බැවින් ජනතාව දැඩි ලෙස විමසිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ අනතුරු අගවයි.
දැඩි උෂ්ණත්වය හේතුවෙන් මිනිසුන් ඉක්මනින් කෝපයට පත්වීම, ආක්‍රමණශීලී ලෙස හැසිරීම, මානසික ආතතිය සහ නින්ද නොයාම වැනි තත්වයන් ඉහළ යා හැකි බව මනෝ වෛද්‍යවරු පෙන්වා දෙති. සිරුරේ ජලය සිඳී යාම (Dehydration) මගින් මොළයේ රසායනික සමතුලිතතාවයට බාධා ඇතිවීම මෙයට ප්‍රධාන හේතුවක් වී තිබේ.
මෙම තත්වයෙන් ආරක්ෂ වීම සඳහා නිතර ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත්, මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසත්, සිරුර සිසිල්ව තබා ගැනීමට කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.














