ග්‍රාමීය පාසල් වෙත විශ්වාසදායක සහ තිරසාර බලශක්තියක් ලබා දීමේ අරමුණින් ගුන්ඩා පවර් (Gunda Power) ආයතනය විසින් “From Light to Life” (ආලෝකයෙන් ජීවිතයට) නමින් නව සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු ප්‍රතිලාභියා ලෙස බලංගොඩ, නොන්පෙරියල් හි ආර්./බී. විවේකානන්ද විද්‍යාලය තෝරාගෙන ඇති අතර, එහි ඉගෙනුම ලබන සිසුන් 38 දෙනෙකුගේ අධ්‍යාපන කටයුතු නංවාලීම සඳහා දෙමුහුන් (Hybrid) සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කර ඇත. මෙරට ග්‍රාමීය පාසල් 10ක් වෙත මෙම හරිත බලශක්ති පහසුකම ලබා දීම 2030 වසර වන විට අපේක්ෂා කරන අතර, ගුන්ඩා පවර් හි තාක්ෂණික හවුල්කරු වන Sunterra ආයතනය විසින් මෙම පද්ධති ස්ථාපනය කරනු ලබයි.














