ශ්‍රී ලංකාවේ සංස්කෘතික පෙරහැර අතර සුවිශේෂීස්ථානයක් හිමි කර ගන්නා බෙල්ලන්විල ඇසළ පෙරහැර මේ වසරේදී (2026) සිය 76 වැනි සංවත්සරය සමරයි.
පසුගිය 1950 වසරේදී එවකට විහාරාධිපතිව සිටි අතිපූජ්‍ය බෙල්ලන්විල ශ්‍රී සෝමරතන නායක ස්වාමීන් වහන්සේ විසින් මෙම පෙරහැර ආරම්භ කරන ලදී. ඒ වන විට ප්‍රදේශයේ පැතිර ගිය ගව වසංගත රෝග තත්ත්වයෙන් සහ කෘෂිකර්මාන්තයට ඇති වූ බලපෑමෙන් ජනතාව මුදා ගැනීම සඳහා දිව්‍යමය ආශීර්වාදය ලබා ගැනීමේ අරමුණින් මෙම පෙරහැර ආරම්භ කෙරිණි. ආගමික වටිනාකම්වලට අමතරව ප්‍රදේශයේ සමාජ හා ආර්ථික සංවර්ධනයටද මෙම වාර්ෂික සංස්කෘතික මහෝත්සවය මහත් පිටුවහලක් වී ඇත.














