ඩුබායිහි TPConnects Technologies ආයතනය විසින් සංවර්ධනය කරන ලද නවීන ගුවන් සේවා සිල්ලර වෙළඳ සහ වෙන්කරවා ගැනීමේ වේදිකාවක් වන ‘Iris’ හි ශ්‍රී ලංකාවේ සාමාන්‍ය විකුණුම් නියෝජිතයා (GSA) ලෙස ඒකන් සමූහයේ Acorn Ventures ආයතනය පත් කර ඇත.
මෙම හවුල්කාරිත්වය හරහා මෙරට සංචාරක නියෝජිතයන්ට NDC මූලාශ්‍ර 60 කට අධික ප්‍රමාණයක සහ අඩු පිරිවැය සහිත ගුවන් සේවා මෙන්ම ප්‍රධාන GDS පද්ධති හතරේම දත්ත එකම අතුරුමුහුණතක් (Single Interface) හරහා ලබා ගැනීමට අවස්ථාව උදා වේ. වේගවත් සෙවුම් පහසුකම්, ආනයනික සහ සාකච්ඡා කරගත් ගාස්තු, අමතර සේවා සහ බුද්ධිමත් මිලකරණ ක්‍රමවේදයන් මෙමඟින් හිමි වන අතර, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රබෝධමත් වර්ධනයට මගපෙන්වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.














