වියට්නාම් එයාර්ලයින්ස් (Vietnam Airlines) අද (16) රාත්‍රියේ සිට හෝ චි මින් නගරය සහ කොළඹ අතර නව සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය. මෙම නව ගුවන් ගමන් සඳුදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල සතියකට තෙවරක් ක්‍රියාත්මක කෙරෙන අතර, එය ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ගුවන් සම්බන්ධතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මහෝපකාරී වනු ඇත.
හෝ චි මින් නගරය හරහා හැනෝයි, ඩා නෑං, හොයි ආන් සහ හා ලොං බේ ඇතුළු වියට්නාමයේ ජනප්‍රිය සංචාරක ගමනාන්ත වෙත පහසුවෙන් ළඟාවීමට ද මෙමඟින් මගීන්ට අවස්ථාව සැලසේ. වියට්නාම් එයාර්ලයින්ස් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන විකුණුම් නියෝජිතයා (GSA) ලෙස හේලීස් ඒවියේෂන් (Hayleys Aviation) කටයුතු කරයි.
















