විදෙස්ගත ශ්‍රමිකයින් තමන් විදේශයන්හිදී නීත්‍යනුකූලව උපයන ආදායම බැංකු පද්ධතිය හරහා ශ්‍රී ලංකාවට ප්‍රේෂණය කිරීමේදී බදු සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගත යුතු නැතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
“අද දෙරණ BIG FOCUS” වැඩසටහනට එක්වෙමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් හිරාන් මෙනේරිපිටිය මහතා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ බදු කාර්ය සඳහා පුද්ගලයෙකු වාසිකයෙකු ලෙස සැලකෙන්නේ නම් පමණක් විදේශයන්ගෙන් සහ ශ්‍රී ලංකාව තුළින් උපයන ආදායම බද්දට යටත් වන බවත්, අදාළ තක්සේරු වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ බදු වාසිකයෙකු නොවන අයෙකු විදේශයන්හිදී උපයන ආදායම මෙරටදී බද්දට යටත් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, මුදල් ප්‍රේෂණය කරන අවස්ථාවේදී බැංකු පද්ධතිය හරහා එම මුදල සඳහා වෙනම බද්දක් අයකර ගැනීමක් සිදු නොවන අතර, විදෙස්ගත ශ්‍රමිකයන්ට එම මුදල් මෙරටට ගෙන්වා නීත්‍යානුකූලව ආයෝජනය කිරීමේ පූර්ණ අවස්ථාව හිමිවන බවද හිරාන් මෙනේරිපිටිය මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














