අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා වන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත හෙට (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති පසුබිමක, එය මේ වනවිට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා විසින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ත්‍රෛනිකායික මහානායක හිමිපාණන් වහන්සේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාත්‍යන්තර සංවිධාන වලින් දැඩි විරෝධතා එල්ල වී තිබියදී රජය විසින් ඉකුත් 7 වන දින අදාළ ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්කිරීම සඳහා දින 14ක කාලසීමාවක් හිමිවන අතර, ඉන්පසු දින 3ත් 21ත් අතර කාලයක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතව ඇත.














