පේන තෙක් මානයක කිසිදු මැතිවරණයක් පැවැත්වීමට නියමිත නැති බවත්, වත්මන් රජයට එරෙහිව කිසිදු ප්‍රබල දේශපාලන අභියෝගයක් නොමැති බැවින් තවත් පරම්පරා හතක් යනතුරු මෙම ආණ්ඩුවම පවතිනු ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
රත්මලානේ පැවති තරුණ සමුළුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළ අතර, මෙරට ඉතිහාසයේ පළමු වතාවට නීතියේ ආධිපත්‍යය නිසි ලෙස ක්‍රියාත්මක වන බවත්, පැවති දූෂිත දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.














